ලොව සංචා­ර­ක­යන්ට අව­දා­නම් නග­රය වෙනි­සි­යු­ලාවේ, දෙවැනි නග­රය පාකි­ස්තා­නයේ | ෆෝබ්ස් සඟ­රාව කියයි

ජාත්‍ය­න්තර ෆෝබ්ස් සඟ­රාවේ ලැයි­ස්තු­වට අනුව පාකි­ස්තා­නයේ කරච්චි නුවර විදේ­ශි­ක­යන්ට අව­දා­න­මක් ඇති ලොව දෙවැනි නග­රය බවට පත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නව­තම ලැයි­ස්තු­වට අනුව එම වර්ගී­ක­ර­ණය සිදු කර ඇති අතර, එහි පළමු තැන වෙනි­සි­යු­ලාවේ කර­කස් නුව­රට ලැබී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඒ අනුව කර්කස් නග­රයේ සංචා­රය කිරීමේ අව­දා­නම 100%ක් බවත්, කරච්චි නුවර සංචා­රය කිරීමේ අව­දා­නම 93.12%ක් බවත් එම ලැයි­ස්තු­වෙන් පෙන්වා දී ඇති අතර, තුන්වැනි තැනට පත්ව ඇති මිය­න්මා­රයේ යැංගුන් නුවර සංචා­ර­ක­යන්ගේ අව­දා­නම් තත්ත්වය 91.67% ක් බව ද සඳ­හන් වී ඇත. අප­රාධ, ප්‍රච­ණ්ඩ­ත්වය, ත්‍රස්ත­වාදී තර්ජන, ස්වභා­වික ව්‍යසන, ආර්ථික අස්ථා­ව­ර­ත්වය වැනි අව­දා­නම් තත්ත්ව­යන් සැල­කි­ල්ලට ගනි­මින් හා පෞද්ග­ලික ආර­ක්ෂා­වට ප්‍රමු­ඛ­ත්වය දෙමින් ෆෝබ්ස් සඟ­රාවේ ලැයි­ස්තුව සකස් වී ඇතැයි ද වාර්තා වේ.