රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගෙන් 04ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.