මෙරට විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කයි – ශ්‍රී ලංකා මහ බැංකුව

තර­මක ඉහළ වෙළෙඳ හිඟ­යක් පැව­තිය ද විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචා­රක ඉපැ­යීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කව පව­තින බව පෙන්වා­දෙන එම බැංකුව වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂ­මය පද­නම මත පුළුල් වුවද, 2024 වසරේ මැයි මාස­යට සාපේ­ක්ෂව පහළ ගොස් තිබෙන බව කියා සිටී.

සේවා අංශය වෙත වූ ලැබීම් (සංචා­රක ඉපැ­යීම් හැර) 2023 වසරේ ජන­වාරි.- ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළ දී වූ එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1,561ට සාපේ­ක්ෂව 2024 වසරේ එම කාලයේ දී එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1,762ක් වූ බවද පව­සයි.

විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ, 2023 වසරේ ජන­වාරි – ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළ දී වූ එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 2,823ට සාපේ­ක්ෂව 2024 වසරේ ජන­වාරි – ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළ දී ඩොලර් මිලි­යන 3,144ක් විය. 2024 වසරේ ජන­වාරි – ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළ දී සංචා­රක ඉපැ­යීම් ඩොලර් මිලි­යන 1,557ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇති අතර, 2023 වසරේ ජන­වාරි – ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළදී ඩොලර් මිලි­යන 875ක් ලෙස වාර්තා විය.

2024 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැ­කු­ම්පත් වෙළෙ­ඳ­පො­ළෙහි විදේශ ආයෝ­ජන ශුද්ධ ගෙවීම් අඛ­ණ්ඩව වාර්තා විය. දළ නිල සංචිත 2024 වසරේ ජූනි මාසය අව­සා­නය වන­විට එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 5.7ක් විය. ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යල, 2024 වසරේ ජූනි මාසය දක්වා අති­ප්‍ර­මා­ණය වී තිබෙන අතර කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ වෙත වූ විදේ­ශීය ආයෝ­ජන 2024 වසරේ ජන­වාරි – ජූනි කාල­ප­රි­ච්ඡේ­දය තුළදී ශුද්ධ ලැබී­මක් වාර්තා කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.