පාසල් ළමා ආර­ක්ෂා­වට ආචා­ර­ධර්ම සංග්‍ර­හ­යක්

පාසල් තුළ ළමා හිත­කාමී සහ සුර­ක්ෂිත පරි­ස­ර­යක් නිර්මා­ණය කර­මින් ළමා ආර­ක්ෂාව සහ­තික කිරීමේ අර­මුණ ඇතිව පාසල් පද්ධ­තිය සඳහා ළමා ආර­ක්ෂාව පිළි­බඳ ආචා­ර­ධර්ම සංග්‍ර­හ­යක් හඳුන්වා දීමට ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පිය­වර ගෙන තිබේ. මේ සම්බ­න්ධව අද­හස් දැක්වූ එම අධි­කා­රියේ සැල­සුම් හා තොර­තුරු අධ්‍යක්ෂ නීති­වේදී ශානිකා මල­ල්ගොඩ මහ­ත්මිය ‘දින­මිණ’ ට ඊයේ (02) පැව­සුවේ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ද ඒකා­බ­ද්ධව මේ වන­විට ක්‍රියා­ත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය තානා­පති ජාතික වැඩ­ස­ට­හන යටතේ මෙම ආචාර ධර්ම පද්ධ­තිය හඳු­න්වා­දී­මට කට­යුතු කරන බවයි.

මේ සම්බ­න්ධව අද­හස් හා යෝජනා ලබා ගැනී­මට මෙම ශිෂ්‍ය තානා­පති වැඩ­ස­ට­හන සමඟ සම්බන්ධ පාසල් නියෝ­ජ­නය කරන විදු­හ­ල්ප­ති­වරු, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­වරු, ශිෂ්‍ය නායක මණ්ඩල භාර ගුරු­භ­ව­තුන්, ශිෂ්‍ය තානා­ප­ති­ව­රුන්, රාජ්‍ය නොවන සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන්, ශිෂ්‍ය තානා­පති නිල­ධාරී සම්පත් සංචි­තයේ සාමා­ජි­ක­යින් වැනි පිරිස් සමඟ මේ වන විට විශේෂ සාකච්ඡා රැසක් සංවි­ධාන කෙරෙන බවද ළමා ආර­ක්ෂක අධි­කා­රියේ සැල­සුම් හා තොර­තුරු අධ්‍යක්ෂ නීති­වේදී ශානිකා මල­ල්ගොඩ මහ­ත්මිය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.