තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කරයි

හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා.

එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් අමෙරිකානු සමාගමකට එරෙහිව සිදු කරන ලද චෝදනාවක් මුල් කර ගනිමින් අදාළ ප්‍රවේශය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

තුර්කි බලධාරීන් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ පළමු අවස්ථාව මෙය නොවන බව සඳහන්.

2017 වසරේ අප්‍රේල් සහ 2020 ජනවාරි අතර වාරයේ ජනාධිපති ධුරය සහ අන්තවාදය අතර සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ප්‍රවේශය අවහිර කිරීමක් සිදුකර තිබුණා.