කේරළ නාය යෑමෙන් අතු­රු­දන් වූ අයත් මිය ගිහින් ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය කියයි | මිය ගිය ගණන 295 දක්වා ඉහ­ළට

ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පසු­ගි­යදා සිදු වූ නාය යෑමෙන් එම ප්‍රදේ­ශයේ අතු­රු­දන්වූ බවට සැක කරන සියලු පුද්ග­ල­යන් මිය ගොස් ඇතැයි ආපදා මෙහෙ­යුම් කණ්ඩා­යම් තහ­වුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා වන විට මළ සිරුරු 194ක් හමුවී තිබූ අතර, ඊයේ ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­යමේ ප්‍රධා­නියා සඳ­හන් කර ඇත්තේ තවත් සිරුරු කොටස් රැසක් හමුවී ඇති බවය. ඒ අනුව අතු­රු­දන් වූ බවට අනු­මාන කළ පුද්ග­ල­යන් ඇතු­ළුව මිය ගිය සම්පූර්ණ ගණන 295 දක්වා ඉහළ ගොස් ඇතැයි නිල නොවන පුවත් වාර්තා කර තිබේ.

මිය ගිය අය අතර දරු­වන් 27 දෙනකු සිටින බවත්, තවත් මළ සිරුර කොටස් 100කට වැඩි ප්‍රමා­ණ­යක් එම ප්‍රදේ­ශ­යෙන් සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අධික වර්ෂාව හේතු­වෙන් නාය ගිය කේරල ප්‍රාන්තයේ වය­නාඩ් දිස්ත්‍රි­ක්කයේ කඳු­කර පළා­ත­කින් මේ මළ සිරුරු සොයා­ගෙන ඇති අතර, නාය යෑමෙන් තුවාල ලැබූ පුද්ග­ල­යන් 186 දෙනකු රෝහ­ල්ගත කර ඇති අතර, තවත් පුද්ග­ල­යන් 5,500කට අධික පිරි­සක් නිරු­ප­ද්‍රි­තව බේරා ගැනී­මට මෙහෙ­යුම් කණ්ඩා­යම් සමත් වී තිබේ.