කන්තලේ ගෙව­ත්ත­කින් ගල්ඉබ්බන් 75ක් සහ බිත්තර හමු­වෙයි

කන්තලේ ජනතා මාවතේ ගෙව­ත්ත­කින් ගල් ඉබ්බන් 75ක් සහ බිත්තර කිහි­ප­යක් හමුවූ බව වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. ගෙහි­මියා තම ගෙවත්තේ වළක ඉබ්බන් විශාල ප්‍රමා­ණ­යක් සිටින බව කන්තලේ වන­ජීවී කාර්යාල වෙත දැනුම් දී ඇත. අන­තු­රුව එම කාර්යා­ලයේ නිල­ධා­රීන් පැමිණ සතුන් අල්ලා­ගෙන ආර­ක්ෂිත ස්ථාන­ය­කට මුදා හැරී­මට කට­යුතු කර තිබේ.

නි‍ෙවසේ හිමියා පැව­සුවේ මීට පෙර ද මෙලෙස ඉබ්බන් විශාල පිරි­සක් තම ගෙවත්තේ සිට අල්ලා ඉවත් කිරී­මට කට­යුතු කළ බවයි.