පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට සමස්ත ක්රීඩිකාවන් 50කින් 45 වැනි ස්ථානයට පත් වූවාය. පැරිස් ස්ටේට් ඩී ෆ්රාන්ස් ධාවන පථයට ශ්රී ලංකා වේලාවෙන් ඊයේ රාත්රි 11.50ට පිවිසි ඇය මීටර් 800 මුලික වටයේ තරගයෙන් අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් අද පෙරවරු 11.20ට යළි ‘රිපීචේජ් වටයේ’ තරගයට සහභාගී වේ.
මූලික වටයේ හොඳම දක්ෂතාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරීමට ඉතියෝපියාවේ ටිසිගේ ඩුග්මා සමත් වූවාය.
මීටර් 800 තරගයේ ක්රීඩිකාවන් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනෙන අතර, පළමුව මූලික වට හයෙන් ජයග්රාහිකාවන් තිදෙනා බැගින් 18ක් ඊයේ දිනයේ අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලැබූහ.
මූලික වටයෙන් ඉවතට ගිය ඉතිරි 32 දෙනා ‘රිපීචේජ් වටයේ’ අද යළි තරග කරන අතර, එයින් හොඳම කාලය වාර්තා කරන ක්රීඩිකාවන් 6ට අවසන් පූර්ව වටයේ දොරටු විවිර කිරීම ඔලිම්පික් නව නීතිය වේ. 19 හැවිරිදි තරුෂිගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට ඊයේ දිනයේ හැකියාවක් උදා වූයේ නැත.