වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවේ නිව්යෝක් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවා තබා සිටි සැකකරුවන් තිදෙනකු එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ නඩු පැවැරීමේ එකඟතාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලීඩ් ශේක් මොහොමඩ්, වලීඩ් මොහොමඩ් සාලි මුබාරක් සහ මුස්තෆා අහමඩ් නමැති එම සැකකරුවන් තිදෙනා මෙතෙක් කාලයක් කියුබානු මුහුදු සීමාවේ අමෙරිකාවට අයත් ගුවාන්ටනමෝ නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම චෝදනා සම්බන්ධව හා එකඟතාවන් පිළිබඳ තොරතුරු වාර්තා නොවූවද, එය වරදකරුවන් බව පිළිගැනීමෙන් මරණ දඬුවමින් වැළකී සිටීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන ගනුදෙනුවක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ පිළිබඳ සැප්තැම්බර් ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇති අතර, එවැනි පියවරක් ගැනීම සැකකරුවන් ලබන ජයග්‍රහණයක් වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.