ඉන්දියාවේ සබ්මැරීනයක් ලංකාවට ආවේ ඇයි?

ඉන්දීය නාවික හමුදාවට අයත් ශල්කි සබ්මැරීනය සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ සමග 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පැමිණ ඇති අතර එම සබ්මැරීනය මීටර් 64.4ක දිගකින් යුක්ත වන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ශල්කි සබ්මැරීනයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් රාහුල් පට්නායික් කටයුතු කරනවා.

ඔහු සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා අතර හමුවක් නාවික හමුදා විධාන මූලස්ථානයේදී සිදුව තිබෙනවා.

අදාළ සබ්මැරීනය මෙරට රඳවා තැබෙන කාලය තුළ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන වැඩසටහනක්ද පැවැත්වීමට නියමිත අතර එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙරට සංචාරක ආකර්ශණීය ස්ථාන කිහිපයක් ගවේෂණය කිරීමට ද නියමිත බව සඳහන්.

සිය සංචාරය අවසන් කරමින් ශල්කි සබ්මැරීනය ලබන 4 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.