ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය අද

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා

තරගය පස්වරු 2.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ

මේ අතර සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ආබාධයන්ට ලක්වීම හේතුවෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ

ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා තිබෙනවා

මීට අමතරව කුසල් ජනිත්, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ද සංචිතයට එක් කර ඇති බව සඳහන්