හිස මතට පොල් ගෙඩියක් වැටී සිඟිත්තියක් මරුට

මාවනැල්ල නගරය ආසන්නයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි

මියගිය දැරිය වයස අවුරුදු 03 ½ ක් වන මාවාන, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්

මියගිය දැරිය පෙර පාසල් භූමියේ සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ