සුළි කුණාටුවකින් චීනයේ 30 දෙනෙකු මරුට

Gaemi සුළි කුණාටුවෙන් දකුණු චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 30 දෙනෙකු මිය ගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම හුනාන් පළාතේ නගර අටක පුද්ගලයින් 35 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සික්සිං නගරයේ මාර්ග, විදුලිය සහ සන්නිවේදන කටයුතු බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර, අතුරුදන්වූවන් සෙවීම් සහ ගලවා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව සඳහන්