සැප්තැ­ම්බර් ප්‍රහා­රයේ සැක­ක­රු­වන්ට වසර 23කට පසු චෝදනා ගොනු කෙරේ

වසර 2001 සැප්තැ­ම්බර් 11 වැනිදා අමෙ­රි­කාවේ නිව්යෝක් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන කිසිදු චෝදනා ගොනු කිරී­ම­කින් තොරව රඳවා තබා සිටි සැක­ක­රු­වන් තිදෙ­නකු එරට ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව සමඟ නඩු පැවැ­රීමේ එක­ඟ­තා­වට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලීඩ් ශේක් මොහො­මඩ්, වලීඩ් මොහො­මඩ් සාලි මුබා­රක් සහ මුස්තෆා අහ­මඩ් නමැති එම සැක­ක­රු­වන් තිදෙනා මෙතෙක් කාල­යක් කියු­බානු මුහුදු සීමාවේ අමෙ­රි­කා­වට අයත් ගුවා­න්ට­නමෝ නාවික හමුදා කඳ­වුරේ රඳවා සිටි බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම චෝදනා සම්බ­න්ධව හා එක­ඟ­තා­වන් පිළි­බඳ තොර­තුරු වාර්තා නොවූ­වද, එය වර­ද­ක­රු­වන් බව පිළි­ගැ­නී­මෙන් මරණ දඬු­ව­මින් වැළකී සිටී­මට ඔවුන්ට අව­ස්ථාව සැල­සෙන ගනු­දෙ­නු­වක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ පිළි­බඳ සැප්තැ­ම්බර් ප්‍රහා­ර­යෙන් ජීවිත අහි­මි­වූ­වන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ගේ දැඩි විරෝ­ධය පළ වී ඇති අතර, එවැනි පිය­ව­රක් ගැනීම සැක­ක­රු­වන් ලබන ජය­ග්‍ර­හ­ණ­යක් වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.