ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට ගිලන් රථ­යක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරි­ත්‍යා­ග­යක්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යට ගිලන් රථ­යක් සහ Compressor Nebulizer යන්ත්‍ර පරි­ත්‍යාග කිරීමේ උත්ස­ව­යක් ඊයේ (01) එම විශ්ව­වි­ද්‍යා­ල­යේදී පැවැ­ත්විණි.

මේ අව­ස්ථාව සඳහා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති මහා­චාර්ය පත්ම­ලාල් මානගේ, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග, ජාතික රූප­වා­හිනී සංස්ථාවේ සභා­පති සහ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය සුදන්ත ලිය­නගේ මහ­ත්වරු ඇතුළු පීඨා­ධි­ප­ති­ව­රුන්, ආචාර්ය මණ්ඩල මහත්ම මහ­ත්මීන්, විශ්ව­වි­ද්‍යාල සිසුන්, අන­ධ්‍ය­යන සේවක මහ­තුන්, ආදි විද්‍යා­ර්ථීන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.