වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

පසුගිය වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

සංචාරක ඉපැයීම් 80%ක් වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1557ක අගය සටහන් කරමින් වන අතර පසුගිය වසරේ එම අගය දැක්වුණේ මිලියන 875ක් ලෙසයි.

එම කාලය තුළ අපනයන 4.7%කින් ඉහළ ගොස් ඇති අතර ආනයන ද 6.4%කින් වර්ධනය වී තිබෙනවා

ඒ අතරින් ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් බව සඳහන්

රුපියලේ අගය එම කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් තිබෙනවා