රන් පැහැති නෙළුම් මලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මාතලේ අලුවිහාර ප්‍රදේශයේ දී පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී එම පුද්ගලයා ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේ

මෙම රන් පැහැති නෙළුම් මල විවිධ ප්‍රමාණයේ පෙති 24කින් යුක්ත වන අතර ග්‍රෑම් 706ක බරකින් සමන්විත වනවා

සැකකරු මෙය රුපියල් 5000,000ක මුදලකට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිට ඇති බව සඳහන්

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ලල මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙක්

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා