පාකි­ස්තා­නයේ කාන්තා හිංස­නය ඉහළ ගිහින්

පාකි­ස්තා­නයේ කාන්තා ලිංගික හිංසන සහ ජාවා­රම් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මානව හිමි­කම් සංවි­ධාන වාර්තා මගින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ වන­විට එරට කාන්තා­වන්ගේ ආර­ක්ෂාව පහ­ළට වැටී ඇතැයි ද, එවැනි සිදු­වීම් වළක්වා ගැනී­මට පාකි­ස්තාන අප­රාධ නීති පද්ධ­ති­යෙන් නීති­රෙ­ගු­ලාසි රැසක් පනවා තිබු­ණද, ලිංගික හිංසන සිදු­වීම් විශාල ප්‍රමා­ණ­යක් මේ වන විටත් විස­ඳු­ම­කින් තොරව වසා දැමී­මට සිදුවී ඇතැයි ද පාකි­ස්තාන මානව හිමි­කම් සංවි­ධාන පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය වසර තුන ඇතු­ළත පාකි­ස්තා­නයේ මානව හිමි­කම් අමා­ත්‍යාං­ශ­යට කාන්තා හිංසන සිදු­වීම් 63,000ක් වාර්තා වී ඇති අතර, එම සිදු­වී­ම්ව­ලින් 80%ක්ම ගෘහස්ථ හිංසන බව පාකි­ස්තා­නයේ ජාතික මානව හිමි­කම් කොමි­සම සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. බාල­ව­ය­ස්කාර දැරි­යන් බල­හ­ත්කා­ර­යෙන් විවාහ කර­දීමේ සිදු­වීම් ද එම වර්ගී­ක­ර­ණ­යට ඇතු­ළත් බවත්,  මේ පිළි­බඳ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ අව­ධා­න­යත් යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.