ආනන්දේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන්ට නායකත්ව වැඩසටහනක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු නායකත්ව වැඩසටහනක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ආදී ආනන්දීය 2004 කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

“හෙට දවසේ නායකයෝ”යන තේමාව ඔස්සේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා ආනන්ද විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයන් 80ක පමණ පිරිසක් එක් වූහ. මෙහිදී ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ දරුවන්ට දැනුවත් කිරීම් සිදු කෙරිණි.