සහල්වල කැඩ්මියම් සහ ඊයම් යනාදි බැර ලෝහ අඩංගු බවට සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය.
හඳුනා නොගත් වකුගඩු රෝගීන්ට එය හේතුවක් වී ඇතැයි ද ඒ මහතා කීවේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ආහාර සම්බන්ධව සමාජයේ පවතින දුර්මත සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (31) පැවසුවේය.
සෑම ආහාරයක්ම අගුණ වන අතර ග්‍රෑම් 200ක බත් පිඟන් තුනක් තුන් වේලට කෑම අගුණ බවත් එමඟින් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාව යනාදි රෝගවලට ගොදුරු විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආහාර මඟින් ඇතැම් රෝග සුව කළ හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරවලට නොරැවටෙන ලෙස
ආහාර මඟින් යම් රෝගයක් සුවපත් කළ හැකි බවට පවසන්නේ නම් ඒ සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර මෙරට ප්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව ද ඒ මහතා පැවසුවේය.
පෝෂණය, ශරීර ක්‍රියාකාරීත්වය, ශක්තිය යනාදිය ආහාරවලින් ලබා ගැනීම සිදු කරන අතර රෝග සුවපත් කර ගැනීම සඳහා ආහාර නොව ඖෂධ භාවිතය සිදු විය යුතු යැයි ද ඔහු පැවසුවේය.
පුද්ගලයකු කිලෝග්‍රෑම් 2.8ක් සතියකට සහල් අනුභව කරන අතර තිරිඟු පිටි කිලෝ 32ක් ද පාන් 12ක් ද සීනි කිලෝ 24ක් ද අනුභව කරන බවත් එමඟින් කාබෝහයිඩ්රේට් ශරීරයට ලැබෙන ප්‍රමාණය ඉහළ යන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආහාර විවිධාංගීකරණය විය යුතු බවත් එසේ නොවන්නේ නම් පෝෂණ ඌනතාවන් ඇති වීම සිදු වන බවත් ඒ මහතා කීය.