මෙරට ව්‍යාපෘති වෙනුවෙන් කොරියාවෙන් සංවර්ධන ආධාර

කොරියාවේ ආනයන-අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ නිල සංවර්ධන ආධාර යටතේ මෙරට වෙනුවෙන් සහනදායී ණය ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙත කොරියාවේ ආනයන-අපනයන බැංකුව විසින් අදාළ දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්.

ඉදිකිරීම්, ජල සම්පාදන ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති ගණනාවකට මෙලෙස සංවර්ධන ආධාර හිමිවනවා.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සංවර්ධන අරමුදල් හිමිවන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ස්ථාවර කිරීම සඳහා දායක වීමට අපේක්ෂා කෙරෙනු ඇති.

ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) , කොරියානු රජයේ අරමුදලක් වන අතර හවුල් රටවල සහ කොරියාව සමඟ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම අරමුදල පිහිටුවීමේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව 1990 වසරේ සිට EDCF මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 30ක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අනුමත කර ඇති බව සඳහන්.