වෙඩි වැදුණු පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරේ

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා

අදාළ පුද්ගලයාරෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවටයි.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගමල පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

එමෙන්ම, තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරනු ලබන බව සඳහන්

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා