ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර තිබෙනවා.

ඒ අනුව මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අද (01) සිට ලබන 07 වැනිදා දක්වා නම් කර ඇති බව සඳහන්

“මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු ! ” යන්න ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව ලෙස නම් කර තිබෙනවා

දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනවා.

දරුවෙකුගේ උපතේ සිට මුල් මාස 06 මව්කිරි පමණක්ම දීම ඉතා වැදගත් වන අතර එය දරුවෙකුගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්ද වඩා යහපත් බවයි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත්තේ

මවුකිරි දීමේ සතියේදී මව්කිරි දීම ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවරද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා