කේරළ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 190 ඉක්මවයි

කේරළයට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ නායයාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 194 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ඒ අනුව තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ සේවකයින් මඩ සහ සුන්බුන් හරහා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් කියා සිටියේ දකුණු ඉන්දීය ප්‍රාන්තයේ මෙතෙක් දැක ඇති දරුණුතම ස්වාභාවික විපත්වලින් එකක් බවයි

අපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය වැඩි දෙනා තේ වතු කම්කරුවන් වනවා

ගලවාගැනීමේ කාර්ය මණ්ඩලය, හෙලිකොප්ටර් සහ බර උපකරණ 1,100 ක් පමණ මෙහෙයුමට සම්බන්ධ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ