Month July 2024

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ගේ සහය රනිල් වික්‍රමසිංහට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා. ඒ අනුව අද (27) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘එක්ව ජයගමු’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට ඔහු සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂය අවස්ථාවක් දෙනවා නම් ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් – ධම්මික පෙරේරා

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්…

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ. එම…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක…

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට පළමු වරට ජනපති ජනතාව හමුවේ ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම…

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි – සංචාරක ලේකම්

මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා. ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන්…

AKD නිල වෙබ් අඩවිය සහ NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානාය​කගේ නිල වෙබ් අඩවිය AKD.lk එළිදැක්වීම සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබෙනවා. මෙම වෙබ් අඩවිය තුළ AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත…

ඉන්දියන් සාගරයේ නිදහසත්, කලාපීය රටවල ස්වෛරීභාවයත් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ කැපවීම හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා අවධාරණය කරයි

ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ “Geopolitical Cartographer” විසින් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා…

එළඹෙන ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනවා – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…