Month July 2024

ගිනිගත් නිවසේ සිටි මහලු පියා එම ගින්නටම හසුවී මරුට

වත්තල මාටාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ හදිසියේ ඇතිවූ ගින්නකින් වයස අවුරුදු 90ක් වූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තෙමහල් නිවසක් තුළ ඇතිවූ මෙම ගින්න පිළිබඳ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති…

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති…

නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ඇතිවූ ගිනකින් අක්කර 10කට අසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතය තුළ ඊයේ (29) පස්වරුවේදී මෙම ගින්න හටගත් බව සඳහන්. එම ගින්න ඊයේ රාත්‍රී කාලයේදී කඳු රක්ෂිතය තුළ වේගයෙන්…

ලොව පුරා මිලියන 733ක් කුසගින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වසර 2023 දී ලොව පුරා පුද්ගලයන් මිලියන 733ක් කුසගින්නෙන් පීඩාවට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය අනාවරණය වී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහ ගෝලීය පෝෂණය පිළිබඳ එම සංවිධානය ඇතුළු සංවිධාන 5ක්…

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලනයේම යෙදුණොත් රටේ තෙවැනි සිවිල් යුද්ධයක් ඇති වීම වැළැක්විය නොහැකියි

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. නව ආර්ථික පරිවර්තන…

මාලිමාවේ හෙද සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පෙරේදා (28) පැවැති ‘ජාතික සමස්ත ලංකා හෙද සමුළුව’ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන්…

ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම ප්‍රකාශ කිරීම නොබෝ දිනකින්

පක්ෂයේ මූලික හර පද්ධතීන්ට එකඟ වන සහ පක්ෂය පිහිටුවීමේ දී මූලිකත්වය දුන් සමාජ අගයන්ට ගරු කරන අපේක්ෂකයකු 2024 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් කරන ලද යෝජනාවක්…

මාලිමාවේ පරිවර්තන යුගය ඇරැඹේ

මෙරට පළමු ජනාධිපතිවරණය පැවැත්වූ 1982 වසරේ සිට කිසිදු ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙක් සිදු නොකළ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (28) ආරම්භ කළේය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්…

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කෙරේ

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කෙරේ

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ නම් කළ බවයි ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර සඳහන් කළේ.