Month July 2024

සංචාරකයින් මිලියනයක් 2024 වසරේ මේ දක්වා පැමිණෙයි

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මෙරටට පැමිණි මිලියනය වැනි සංචාරකයා වූයේ යර්ලන්තයේ පෝල් සහ පැට්‍රීෂියා රෝයි යන…

හිරුණිකා අභියාචනයක් ඉදිරිපත් කරයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ. අදාළ ඉල්ලීම ලබන…

සර්බි­යාවේ ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ල පොලිස් නිල­ධා­රි­ය­කුගේ ගෙලට ඊත­ල­ය­ක් විදලා.

සර්බි­යාවේ බෙල්ග්‍රේඩ් අග­නු­වර ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පිට දී නාඳු­නන පුද්ග­ල­යකු විසින් එල්ල කරනු ලැබූ ඊතල ප්‍රහා­ර­ය­කින් පොලිස් නිල­ධා­රි­යකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ අමා­ත්‍ය­ව­රයා වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කර ඇත්තේ පසුව එම පොලිස් නිල­ධා­රියා විසින්ම තැබූ…

නයි­ජී­රි­යාවේ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විවාහ උත්ස­ව­යක්, අව­මං­ගල උත්ස­ව­යක් සහ රෝහ­ලක් ඉලක්ක කර­මින්…

ඉක්ව­දෝ­රය වීසා රහි­තව රටට ඇතු­ළු­වීම අත්හි­ටු­වයි

අක්‍ර­ම­වත් සහ නීති­වි­රෝධී අයු­රින් සංක්‍ර­ම­ණි­ක­යන්ගේ වර්ධ­න­යක් සිදු­වීම හේතු­වෙන් අද සිට චීන පුර­වැ­සි­යන්ට වීසා රහි­තව රටට ඇතු­ළු­වීමේ අව­ස්ථාව අත්හි­ටු­වන බව ඉක්ව­දෝ­රය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අමෙ­රි­කාව, මධ්‍යම අමෙ­රි­කාව හා මෙක්සි­කෝව හරහා පා ගම­නින් දිගු සංචා­ර­යක යෙදෙ­මින් පසු­ගිය…

කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­ත­ර­යක් නෑ – ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­ණවය දෙවැනි වට­යට

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1979 ඉරාන විප්ල­ව­යෙන්…

මෙරට ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යට සිංග­ප්පූ­රුවේ සහාය

මෙරට ඩිජි­ටල් තාක්ෂණ හා ආයෝ­ජන ක්ෂේත්‍රයේ සන්ධි­ස්ථා­න­යක් සල­කුණු කර­මින් තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් පසු­ගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැ­ත්වෙන DigiEcon Global Investment සමු­ළු­වට එක්වන “සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝ­ජිත පිරිස…

මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් බවට සැක නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව නාවික හමුදා පොලිස් අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව අද (30) නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට…

ආර්. සම්පන්දන් මැතිතුමා අභාවප්‍රාප්ත වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බවයි වාර්තා වෙන්නේ. 

IOC ඉන්ධන මිල අඩු කෙරේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත්…