Month July 2024

ගසාගෙන ආ ලී කොටයක් වැදීම නිසා මුහුදේ දියනාමින් සිටි තරුණයා මරුට

පානදුර මුහුදේ දියනාමින් සිටී පුද්ගලයකු ගසාගෙන ආ ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි  පුද්ගලයෙකි.…

ගුරු වෘත්තියට ඇතුළත් වන ඔබ අනාගත පරපුර වෙනුවෙන් සේවය කැප කළ යුතුයි – ජනාධිපති

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල්…

ඡන්දය කල්දාන්න ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා – චන්දිම

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති අවසන් දින 14 තුළද ඡන්දය කල් දමා ගැනීම සඳහා ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පත් කළේ වසර 5 කට බවත්, ඔහු පැනයාමෙන් හිස්…

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු…

මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙයි

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. 

අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ මැතිතුමාගේ දේහය අද පාර්ලිමේන්තුවට

හිටපු විපක්ෂ නායකවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහුගේ දේහය අද පස්වරු 02.00 සිට 04.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත්…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 02) ප්‍රකාශ කළේය. එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන්…

ජනපති ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී…

තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා. ඒ අනුව තරුෂි මීටර් 800 ඉසව්ව සහ නදීෂා දිල්හානි හෙල්ල විසිකිරීම යන තරග අංශ සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.

ලිට්‍රෝ ගෑස් මිල රු. 100 කින් පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු. 100 කින් (නව මිල රු.3,690) * කිලෝ…