Month July 2024

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ඇල්ල පල්ලේවෙල ගල්පර්වතයක සෙල්ෆි ගන්න ගිය 19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් පහළට ඇද වැටී මියයයි.

ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටී 19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි…

AKD LIVE 24 විකාශය ඇරඹෙයි

“AKD LIVE 24” නමින් පැය 24 පුරා දිවෙන YouTube විකාශයක් ජාතික ජන බලවේගය විසින් අද (10) අරඹා තිබෙනවා. තම පක්ෂ​යේ හඬට සවන් දෙන ජනතාව වෙනුවෙන් මෙම අඛණ්ඩ YouTube විකාශය ඇරඹූ බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.

දුම්රිය වර්ජනය නිසා අනාරක්ෂිතව පා පුවරුවේ ගිය පුද්ගලයෙක් දුම්රියෙන් ඇද වැටී මරුට

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ. 

මට කළ හැකි හැමදෙයක්ම කළා මේ ගමන ඉදිරියට යනවාද නැද්ද තීරණය කළ යුත්තේ ජනතාවයි – ජනාධිපති ගාල්ලේදී කියයි

කවුරුත් රට භාර නොගෙන මඟහැර යද්දී ඒ අභියෝගය භාර ගත්තේ රනිල් විතරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අත්දැකීමක් හෝ මතයක් නැතිව ආණ්ඩු කරන්න බැහැ – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ්  රට වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම තමා විසින් ඉටුකර තිබෙන අතර ඒ…

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩවර්ජනයක්!

දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක හදිසි වැඩවර්ජනයක් අරම්භ කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීමට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර ඇති බවයි එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන්…

ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙයි

පැවති ආර්ථික පීඩනය හමුවේ දස දහස් ගණනක මහජනතාව කොළඹට රැස්ව පොලිස් බාධක බිඳ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඇරඹූ ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙනවා. දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකීය මහජනතාව දිගු…

ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට Tattoo ආයතනයේ හිමිකරු ඇතුළු 6 ක් අත්අඩංගුවට

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට…

මාධ්‍ය නිවේදනය – ජනාධිපති මාධ්‍ය අංශය

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ.ආණ්ඩුක්‍රම…

ජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට විශේෂ වැටුප් වර්ධකයක් සහ සහතිකයක්- ජනාධිපති

රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි…