Month July 2024

මේ දවස් දෙක තුනේ තියන වැඩ වර්ජන මෙහෙයවන්නේ අපි නෙවෙයි රනිල් – සුනිල් හඳුන්නෙත්ති

මෙම දින කිහිපයේ පවතින වැඩ වර්ජනය මෙහෙය වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබාදී, තවත් පිරිසකට ගැටලුවක් ඇති කළ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.…

“ඩාලි ” නිළ සුනඛයාගේ සහය ලබා ගනිමින් පොලිස් නිලධාරීන් බේරුවල වරායේ මත්ද්‍රව්‍ය සොයයි

යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පරීක්ෂාවක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කර තිබෙයි. කළුතර පොලිස් විද්‍යාලයේ “ඩාලි ” නිළ සුනඛයාගේ සහය ලබා ගනිමින් පොලිස් නිලධාරීන් ධීවර යාත්‍රා පරීක්ෂා කර ඇත. කළුතර කොට්ඨාශ භාර…

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි . දෛනික දුම්රිය ගමන්වාර…

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වන බවයි සඳහන් වෙන්නේ.

නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.

වර්ජනය දින රාජකාරියට පැමිණි ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි වන ආකාරය – ඇමති බන්දුල

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා. ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335කින්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා…

පෙරහැර බලන්න ආ කාන්තාවන් දෙදෙනකුට කෝපි බොන්න දී භාණ්ඩ පැහැරගෙන.

මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නාඳුනන පුද්ගලයකු කෝපි කෝප්පයක් පානය කිරීමටදී නින්ද යාමෙන් පසු මුදල් රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසනවා. අදාළ කාන්තාවන් දෙදෙනා සිහි මඳ ගතිය, ක්ලාන්තය,…

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මැතිවරණ ඉල්ලා සිටින තැනට වෙනස් වෙලා – රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම වැළක්වීම සඳහා නව නීති!

සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීති විෂය භාර අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන…

මහල් නිවාස පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ…