Month July 2024

ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සමක් අඳ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත සඳහන් වෙන්නේ.

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශවකරුවන් කිහිපදෙනෙක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්…

කෘත්‍රි​ම බුද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල…

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පළමුවරට මෙවර ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.…

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කළේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම…

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ – රවී

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා. ඒ අනුව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් ‍නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ. ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන්…

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්විමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින්…

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත…

අද කාලගුණ නිවේදනය

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා තද…