Month July 2024

විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කෙරේ

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේ ද, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,…

චමරිගෙන් අර්ධ ශතකයක් – SL 106/4

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතයකය සඳහා හතරේ පහර…

අවුරුදු 76කට පස්සේ අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු – අනුර

වසර 76 කට පසු පොදු ජනතාවගේ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරාධනා කරනවා. ජනතාවගේම සහෝදර සහෝදරියන් නියෝජනය කරන ආණ්ඩුවක්, ජනතාවට ජනතාව​ගේයැයි දැනෙන ආණ්ඩුවක්, ජනතාවට නෑදෑකම දැනෙන ආණ්ඩුවක් සාදා ගැනීමට එක්වන ලෙසයි…

ජනාධිපතිවරයාටත් තීරණයක් ගත නොහැකි තැනක දැන් පොලිස්පතිගේ ගැටලුව තියෙන්නේ – කථානායක

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකඟතාවය මත පත්වූ නිලධාරීන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ වෙනම හැඳින්වීමක් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව ඔවුන්ගේ තනතුර හිස් කරනවා නම්, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇති බවයි අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන්…

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා – බන්දුල

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. රට බේරගන්නා ජාතික වැඩපිළිවල ක්‍රියාත්මක කර ඔප්පුකර ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පක්ෂ පාට කුමක් වුවත් උපන් රට බේරා ගැනීමට ජාතික න්‍යාය…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා ගන්නවා – සාගර කාරියවසම්

2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ අනුව දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ. 

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබ​ඳ රජයේ ස්ථාවරය අද පාර්ලිමේන්තුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.