T 56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ටී 56 අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී 56 අවි දෙකක් ‍, මැගසින් දෙකක්‍, පතොරම් 60ක් ‍, දුරදක්න 01ක්‍ සහ කඩුවක් සමඟ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී ඇත.