වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටී 5 දෙනෙකු මරුට

වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

පැවතුණ අධික වර්ෂාපතනයත් සමග එම පතල කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය යෑම් කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

පසුගිය වසරේදී වියට්නාමයේ ගල් අඟුරු පතල් කඩා වැටීම් හේතුවෙන් කම්කරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණා.