චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වනවා

චීනය ‍කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර පසුගිය වසර වන විට තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියූ අතර මෙම ප්‍රමාණය ඊට පෙර වසර හා සැසඳීමේදී සියයට 40කට අධික ප්‍රමාණයක වර්ධනයක් බවයි චීන ජාතික බුද්ධිමය දේපල පරිපාලනය සඳහන් කරන්නේ

චීනයේ මෙම හිමිකම් අනුපාතය ගෝලීය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1.4ක ඉහළ ගුණයක් බවද එම පරිපාලනය පෙන්වා දෙනවා

කෘත්‍රිම බුද්ධි කර්මානතය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ඉහළ නැංවීමට තුඩු දී ඇති අතර පසුගිය වසරේ චීන ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත මගින් දළ දේශීය නිශ්පාදනයට ලැබුණු දායකත්වය සියයට 10ක් වන බවයි වාර්තා වන්නේ