ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පසුගිය 25 වනදා පස්වරුවේ පුරදර සෙවන මහල් නිවාස සංකීරණය ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිටි පුද්ලගලයෙකුට සහ කාන්තාවකටයි මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ

ඝාතනය සිදුකළ වෙඩික්කරු, ඝාතනය සදහා පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 37 සහ 45 යන වයස් සීමාවල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්