මේ දක්වා අපේක්ෂකයින් 6 දෙනෙකුගෙන් ඇප මුදල්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 6 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (31) දිනයේ දී අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක මහතා මෙලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විට අපේක්ෂකයින් 6 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.