ඉහළ ගිය කොළඹ උද්ධමනය

2024 ජූලි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය 2024 ජුනි මාසයෙදී 1.7%ක් ලෙස වාර්තා වී තිබුණා.

2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී එය සටහන් වී තිබුණේ 1.4%ක් ලෙසයි.

එමෙන්ම 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.