පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වුණා.

එහිදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

අදාළ රැස්වීමේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.