නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ඇතිවූ ගිනකින් අක්කර 10කට අසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතය තුළ ඊයේ (29) පස්වරුවේදී මෙම ගින්න හටගත් බව සඳහන්.

එම ගින්න ඊයේ රාත්‍රී කාලයේදී කඳු රක්ෂිතය තුළ වේගයෙන් පැතිරගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 10 කට ආසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මේ දිනවල එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර කෙසේවෙතත් ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදුව නොමැති බව සඳහන්.

අද (30) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවයි වාර්තා වන්නේ