ගිනිගත් නිවසේ සිටි මහලු පියා එම ගින්නටම හසුවී මරුට

වත්තල මාටාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ හදිසියේ ඇතිවූ ගින්නකින් වයස අවුරුදු 90ක් වූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

තෙමහල් නිවසක් තුළ ඇතිවූ මෙම ගින්න පිළිබඳ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගිනිගත් තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ සිටි වයස අවුරුදු 90ක් වූ පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා නිවසතුළම මියගොස් ඇති බව සඳහන්.

මෙහිදී මියගිය පුද්ගලයා පමණක් නිවස තුළ සිට ඇති අතර බිරිඳ, දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ දියණියගේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ දේහය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වත්තල පොලීසිය විසින් සිදුකරන බවයි වාර්තා වන්නේ.