ඊශ්‍රායලයේ කෘෂි අංශයට තවත් ශ්‍රමිකයින්

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම සිදුකර තිබෙනවා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ ඍතු පදනම මත සේවය කළ ශ්‍රමිකයින් 08 දෙනෙකුත් අලුත් ශ්‍රමිකයින් 13 දෙනෙකුත් මෙම කාණ්ඩයට අයත් බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඔවුන් කිහිපදෙනා බැඟින් ඊශ්‍රායලයට යැවීමට නියමිත බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

ඒ අනුව මෙම 21 දෙනා සමග ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය සඳහා පිටත්වන සමස්ථ ශ්‍රමිකයින් සංඛ්‍යාව 2163 දෙනෙකු වන අතර ඉදිරි සතියේදී 08 දෙනෙකු ඊශ්‍රායලයේ කෘෂි සේවය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස කැඳවීමට නියමිත බව සඳහන්.