පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.