ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

ජනාධිපතිවරණයට අදාළව, නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ පවසනවා.

ඊයේ පෙරවරුව වන විට ඒ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ.

තේරීම්භාර නිලධාරින් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද සෝදුපත් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවද, ඊට අදාල ගැසට් නිවේදනය ද අද හෝ හෙට නිකුත් කරන බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.