වසර 76 කට පසු පොදු ජනතාවගේ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරාධනා කරනවා.
ජනතාවගේම සහෝදර සහෝදරියන් නියෝජනය කරන ආණ්ඩුවක්, ජනතාවට ජනතාවගේයැයි දැනෙන ආණ්ඩුවක්, ජනතාවට නෑදෑකම දැනෙන ආණ්ඩුවක් සාදා ගැනීමට එක්වන ලෙසයි ඔහු ආරාධනා කරන්නේ.
එම තීරණය කිසිදා නොවරදින බව සහතික බවද, ජනතාව ඒ වෙනුවෙන් සැමදා පෙළගැසෙනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.