AKD නිල වෙබ් අඩවිය සහ NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානාය​කගේ නිල වෙබ් අඩවිය AKD.lk එළිදැක්වීම සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබෙනවා.

මෙම වෙබ් අඩවිය තුළ AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින අතර ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාම සඳහා AI තාක්ෂණය භාවිතා කරන පළමු අවස්ථාව මෙය බවයි එම පක්ෂය සඳහන් කළේ.

එමෙන්ම අද විවෘත කළ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට බහුවිධ ප්‍රවේශයක් ලබා දෙන බවද, මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතින බවද එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.news images news images news images news images news images