අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය (ITAK) දෙමළ ජාතික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය නොදෙන බව එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

ජනාධිපති අපේක්ෂකයකු විසින් නියෝජනය කළ යුත්තේ එක් ජන කොට්ඨාසයක් පමණක් නොවන බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයෙක් සියලු ජන කොටස් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඔහු පවසා සිටියා.

එක් ජන කොට්ඨාසයක් කෙරෙහි පමණක් අවධානය යොමු කර අපේක්ෂකයකු තෝරා නොගත යුතුය යන පදනම මත පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමේ වැඩපිළිවෙලට සහය නොදක්වන බවද ඔහු සඳහන් කරනවා.    

තම සහාය ලබාදීම පිළිබඳව ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.