ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙට ඇරඹේ

2024 පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙට (26) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සඳහන් කළේ.

ලබාගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරන බවත්, එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකිරීමට නියමිතයි.

එසේම අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට අපේක්ෂා කරන බවද සඳහන්.

තොරතුරු ලබාදීම සඳහා 0112796388, 071435 6301, 0777307409 යන දුරකථන අංක තුන ද, ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයද ස්ථාපිත කොට තිබෙනවා.