ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම අද

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නකුත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.