ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය වුනත් පාලකයින් බය වෙලා – හඳුන්නෙත්ති

ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය වුවද පාලකයින් ජනාධිපතිවරණය සඳහා බියට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට “ආසයි බයයි” බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

රාජපක්ෂ කණ්ඩායම කල්පනා කරන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනවාද නැද්ද යන්න බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.